තබමු තිත. වත්තල හුදකලාවට.......
වත්තල ලංකාවේ ඉතාමත් සුන්දර ප්රදේශයකි. මෙම
සුන්දර දේශයේ වසන මිනිසුන් කෙතරම් දුරට සුන්දර වන්නේද යන්න විමසා බැලිය යුත්තකි
මිනිසාගේ වැදගත්කම තිරණය වන්නේ ඔහුගේ වත්පොහොසත් කමින්වත්, ජීවත් වන නිවස ලොකද
පුංචිද යන කාරණය මතවත්, දැන උගත්කම මතවත්, ඔවුන් කරන රැකියාව මතවත් ජාතිය කුලය ආගම වංශය මතවත්, ගමන් කරන වාහනය මතවත් නොව ඔහු තුළ මනුෂ්‍යෙයක්
ජීවත් වන්නේද යන කාරණය මතය. කිසියම් ගමක් සුන්දර වන්නේත්, අපායක් වන්නේත් එහි
ජීවත්වන් මිනිසුන්ගේ හැසිරීම මතය. කවුරු කොහොම හිටියත් අද කොවිඩ් සතුරා වත්තල ප්‍රදේශයේ
පළමු පුරවැසියා බවට පත්වෙමින් අන් සියල්ල අභිභවා ගොස් ඇත. එනිසාම වත්තල දිගු
කාලයක් හුදකලා බවට පත්තකර ඇත.
බලධාරින්ට අනුව වත්තල හුදකලාව ඉවත්නොකරන්නේ
වත්තල තවමත් එයට සුදුසුකම් ලබා නැති නිසාය. වත්තල ඉතා සුළු පිරිසක් අමනුෂ්යන් ලෙස
ජීවත්වේ. අනිත්උන්ට හෙණ ගැහැව්වත් උන්ට කාරියක් නැත. ඔවුන් වත්තල පුරා කිසිදු වගේ
වගක් නැතිව සැරිසරන්නේ අත්‍යවශ්‍ය කාරණාවකට නොව පොරවල් විමටය. නිකම්ම නිකම් පොරවල්
නොව අමර පොරවල් වීමටය. උන්ට අනුව පොලිසිවල ඉන්නේ උන්ගේ මහ එවුන්ය.
වගකීමක් නැතිව හැසිරෙන ඇතැම් වැදගත් යයි
කියා ගන්නා මිනිස්සුද ඇත. ඔවුන්ගේ වැදගත් කම් බලපුළුන්කාර කම් කොවිඩි සතුරාට වලංගු
නැත. මේ අය කරන්නේත් මුළු සමාජයම අනතුරට පත්කිරීමකි
පොලිසිවල ඉන්නේත් මිනිස්සුය. නිකම්ම නිකම්
මිනිසුන් නොව තම දරුපවුල් රකින ,තමන්ට ලැබෙන පුංචි ආදායමින් ජීවිතය ගැට ගසා ගන්නා
නොයෙකුත්දුක්ඛ දොමනස්සයන්ට ලක්වු අහිංසක මිනිස්සුය.පොලිසියේද අමර පොරවල් නැත්තේ
නොවේ එය වෙනම කාරණාවකි. වසංගතයක් පවතින අවස්ථාවක මිනිසුන් නිරෝධායන නීති රකිමින්
නිවස්වලට වී සිටින්නේද යන්න සොයා බැලීමට පොලිසියට හැකියාවක් නැත. පොලිසිටය ඕනැ
නිසා නිරෝධායන නීති රැකිය යුතු නැත. එය තමන්ගේ ආරක්ෂාවට නොව පොලිසියේ උවමනාවට
හෙල්මට් දානවා වැනි වැඩකි.
නිරෝධායන නීති රැකිය යුත්තේ තමාගේත් අන්
අයගේත් ආරක්ෂාවටය. එය තමාගේ වැදගත්කම මත සිදුවන්නකි. වැදගත්කම යනු තමා සමාජයේ
ජීවත්වන ආකාරයයි. නොවැදගත් ලෙස හැසිරී තමන්ට පමණක් නොව තම අසල්වාසින්ටත් කෙලවාගෙන
හුදකලාවට මැසිවිලි නගන මිනිස්සුත් නැත්තේ නොවේ.
කොවිඩ් සතුරා ජයගැනීමට, හුදකලා බැවින්
මිදීමට, අපි ඉදිරි දින කීපයවත් නිරෝධායන නීති රකිමු. අද සටහන නිමයි. නැවත
හමුවෙන තෙක් ආයු බෝ වේවා ආවඩා
!