මේ ඈත එපිට ගම්බද පෙදෙසක සුන්දර දසුනක් නොවේ . අධික ජන ගහනයක් වෙසෙන වත්තල කෙරවලපිටියේ අධිවේග මාර්ගයට කොළඹ මීගමුව මහ මාර්ගයේ සිට පිවිසෙන මාර්ගයයි. මෙම මාර්ගය අසල විශාල භූමි ප්රෙද්ශයක් නිශ්ක්රිය වත්කමක් ලෙස නොසළකා හැර ඇත. සමහරවිට මෙම වත්කම් වල අයිතිය විවිධ ආයතනවලට සතුවීම නිසා මෙසේ වෙනවා විය හැක.කෙසේ වෙතත් මෙය සංවර්ධනය කළ හැකි භූමි භාගයකි.
දුරගමන් බස්රථ නැවතුම් පළක් සහ වෙළද සංකීරණයක් ඉදි කිරීම, ඇවිදින මංතීරු සහ ආහාර වෙළදසැල් සමග උද්යාන පරිසරයක් නිර් මානය කිරීම වැනි කාර්යයන් සදහා මෙම භූමි භාගය පහසුවෙන් යොදා ගත හැක.මීට අමතරව ග්රාම නිලධාරි කාර්යාල වැනි කුඩා රජයේ කාර්යාල වලටද මෙම සිථ්නය යෝග්ය වේ.
දැනට මෙම ස්ථානයේ නිරතුරුව කුණු කසල ගෙනවිත් දැමීම නිසා පරිසරයද අපවිත්ර වී ඇත.
වත්මන් දේශපාලන අධිකාරියේ අවධානයට යොමු විය යුත්තකි. හැදල පොදු සූසාන භුමියේ පාලර් එකක් ඉදිකිරීම සම්බන්ධව මෙම බ්ලොග් සටහනින්ම 2021 වසරේදි පෙන්වා දීමෙන් අනතුරව එවකට සිටි දේශපාලන අධිකාරිය විසින් එම යෝජනාව ක්රියාවට නංවා ඇත. අද එය වත්තල ප්රාදේශීය සභාව සතු මහගු සම්පතක් බවටද ජනතාවට ඉමහත් සේවාවක් ලබාගත හැකි ආයතනයක් බවටද පත්ව ඇතhttps://wattalawiththi.blogspot.com/2021/01/blog-post.htmlමෙම ලින්ක් එකෙන් එම සටහනට පිවිසිය හැක.
.

.jpg)









