ප්‍රණාමය පල කිරීමෙන් ප්‍රශංසා කිරීමෙන් නොනැවැතී කනත්ත ලස්සන කිරීමට පමණක් නොව ප්‍රෙද්ශවාසි සැමටම විශේෂයෙන් දුප්පත් ජනතාවට සෙතක් සැලසෙන එමෙන්ම ප්‍රාදේශීය සභාවට යම් ආදායමක්ද ලැබෙන යෝජනාවක් මැරෙණ මිසිසෙකු වශයෙන් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
දිවයිනේ සෑම ප්‍රෙද්ශයකම මෙන්ම වත්තල ප්‍රෙද්ශයේද විවිධ ආදායම් මට්ටමේ මිනිසුන් ජීවත් වෙති. විශාල මන්දිර මෙන්ම ඉතාකුඩා පැල්පත දක්වාම නිවාස වත්තලත් ඇත. නිවසේ කෙනෙකු මරණයට පත්වූ විට තම නිවසට ගෙනවිත් එම තැනැත්තාගේ අවසන් කටයුතු කිරීම බොහෝ අයට දුෂ්කර කටයුත්තක් වී ඇත. ගංවතුර වැනි ස්වභාවික ආපදා අවස්ථාවන්වලදීද, මෙවැනි වසංගත තත්වයක් හමුවේද මෙය ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇත.මෙවැනි අවස්ථාවල බොහෝ විට පිහිට පතන්නට සිදුව ඇත්තේ මල්ශාලා කරුවන්ගේ පාලර් වලය. දැන් දැන් මෙය අවමංගල්‍ය උත්සව විලාසිතාවක් බවටද පත්ව ඇත. එහෙත් මල්ශාලා වලට මේ සදහා අධික මුදලක් ගෙවිය යුතුය.එසේ වුවත් වත්තල ප්‍රෙද්ශයේ පවත්නා පාලර්වල තිබේන්නේද ඉතාමත් සීමිත ඉඩ පහසුකම්ය. රාත්‍රි 10 න් පසු පාලර් විවෘතව තබන්නේද නැත. දුර බැහැර සිට එන ඉතා කාර්යය බහුල ඥාති මිත්රාදින්ට මෙය ඉමහත් බාධාවකි.මෙහි සදහන් නොකලත් තවත් නොයෙකුත් දුෂ්කරතාවන්ට අවමංගල අවස්ථාවකදී ජනතාවට මුහුණ දීමට සිදුවේ.
මේ සදහා ඉතා ප්රශස්ත මෙන්ම චිත්තාකරශණිය විසදුමක් දෙසට බලධාරින්ගේ නෙත් යොමු කරවීමට කැමැත්තෙමි.
සූසාන භූමිවල කොටසක් වෙන්කර අවමංගල උත්සව හතරක් පහක් කළ හැකි චිත්තාකර්ෂණීය ගොඩනැගිල්ලක් ඉදිකළ යුතුය. මේ සදහා සුසාන භුමිය මැදින් ඇති පාරත් කනත්ත පාරත් අතර කොටස යොදා ගත හැක. මෙම ගොඩනැගිල්ලට වෙන් කරන භුමියද දැනට සූසාන භුමිය පවත්වාගෙන යන ආකාරයටම සිත්ගන්නා උද්යානාලංකාරයෙන් නිමකර නිරතුරුවම නඩත්තු කළ යුතුය. අවමංගල උත්සව සඳහා සාධාරණ මුදලක් අයකළ යුතු අතර දුප්පතුන්සඳහා සහන පැකේජයක් ක්‍රියාත්මක කළ යුතුය. මෙහි පාලනය අදාල පළාත්පාලන අධිකාරියට පැවරිය යුතුය.
ප්රතිලාභ
- අවම
වියදමකින් අවමංගල කටයුතු කළ හැකි වීම.
- පරිසරය
දූෂණය නොවීම.
- අවමංගල
උත්සව තරග කාරි බවින් තොරවීම.
- රැකියා
අවස්ථා කීපයක් නිර්මාණය වීම.
- සූසාන
භූමිය චිත්තාකර්ශනීය ස්ථානයක් බවට පත්වීම.
- ප්‍රාදේශිය පාලන අධිකාරියට සැළකිය යුතු ආදායම්
මාර්ගයක් වීම
- මෙවැන්නක් සිදුකළ එකම ප්‍රදේශය වත්තල බවට
වාර්තාගත වීම
- ප්‍රාදේශීය සභාවේ වත්මන් දේශපාලන අධිකාරිට ඉමහත්
ජනාදරයට පත්වීම
No comments:
Post a Comment