Tuesday, 11 July 2017

වත්තලට පිවිසුමක්.....

     වත්තල ගැන යම්ක් ලිවීම කාලයක සිට තිබුණ සිතුවිල්ලකි. ඒ වත්තල ජීවත් වන අපෙන් විවිධ ප්‍රදේශවල සිටින හිතවතුන් සහ මිතුරන් විවිධ අවශ්‍යතාවන් සඳහා විවිධ තොරතුරු විමසා සිටින බැවිණි. ඇත්තටම වත්තල සුන්දර ප්‍රදේශයකි. එහෙත් ස්වර්ගය මෙන්ම අපායද වත්තල ඇත. මේ දෙකම වත්තලට ආදරය කරන අපට නම් සුන්දරය. ඒ අපි වත්තලට ඉතාමත් ආදරය බැවිණි. වත්තල ජීවත් වන්නේ පිංකළ මිනිස්සුය. වත්තල මිනිස්සුද වත්තල මෙන්ම සුන්දරය.  

             පුංචි කාලයේ "වත්තල විත්ති" කියල පත්තරයක් අපේ තාත්තා ගොරක්ගහතොට හන්දියට ගොස් එන විට අරගෙන එයි.  ඒ පත්තරය අද නැත.  ඒ කාලයේ පත්තරයක් ලිවිමට තරම්ම වත්තල වාසනාවන්ත විය. අද වත්තල ජීවත් වන බොහෝ දෙනෙකුට එම පත්තරය මතක නැත. එදා ඒ පත්තරය ලිව්වේ කවුද කියා මම  නොදනිමි. මෙම බ්ලොක් සටහනට "වත්තල විත්ති" කියන නම දැම්මේ එදා එම  පත්තරය ලිව් මැතිතුමාටත් ඒ පත්තරයටත් කළ ගුණ සැළකීමක් වශයෙනි. මෙම සටහන ලිවීමට මා පෙළඹුණේද එදා අකුරු අමුණ අමුණා එම පත්තය කිය වු බැවිනි. පත්තරය කෙසේ වෙතත් වත්තල ජීවත්වන ඔබ මෙම සටහන කියව්වොත් "ගොරොක්ගහතොට හන්දිය" තියෙන්නේ කොහේදැයි විමසනු ඇත. වත්තල දැනටත් ජීවත් වන පරණ මිනිස්සු සමු ගැනීමට පෙර  මේවා ගැන සිත් ඇදෙන කථාවන් අසා දැන ගත හැක. ඔබත් ඔබේ වැඩිහිටියන්ගෙන් මේවා ගැන දැනගත් තොරතුරු ඇතොත් මෙම සටහනට කොමන්ටුවක් ලෙස ඔබ දන්නා දේ ලියන ලෙස හෝ මෙම සටහන් වලට ඇතුළත් කිරීම සදහා ඒවා අප වෙත යොමු කරන ලෙස හෝ ඉල්ලමි. ගොරක්ගහතොට හන්දිය වැනි පැරණි ස්ථාන වත්තල ප්‍රදේශයේ ඕනෑ තරම් ඇත.මේවා ගැන අසන විට සිතට දැනෙන්නේ ඉමහත් සතුටකි. මේවා ගැන ඇති කථා සියල්ලම ඇත්ත හෝ ඇත්ත නොවන්නට පුළුවන. එකිනෙකා අතර එකිනෙකට වෙනස් මතද තිබිය හැක. මේවා ඇත්ත වුණත් බොරු වුණත් සුන්දර දේවල්ය.

       වත්තල පුරාණය ගැන ලියන ලද  බ්ලොක් සටහනක් කාලයකට පෙර මගේ නෙත ගැටුණි. මෙම සටහන ලියා ඇත්තේ මහගෙදර නැමැති බ්ලොක් සටහනේ පෝස්ට් එකක් වශයෙනි. එම සටහනට මෙතන ඔබා http://wedagedara.blogspot.com/2011/09/blog-post.html පිවිසීමට ඔබට අවස්ථාව සළසා දෙන්නේ ඉතාමත් සතුටිනි. 

        මෙම සටහනේ පරමාර්ථය වත්තල ඉතිහාසය කාල් ගගා සිටීමම නොවේ. වත්තල සුන්දරත්වය ගැන ලොවට කියා පෑමයි.  වත්තලින් මිනිස්සුන්ට ගත හැකි දේ ලොවට කියා පෑමයි. අපට අපේ ගම ගැන ආඩම්බර විය හැක්කේ අපේ ගම ලොව පුරා ප්‍රචාරය වූ තරමටය. තවමත් වත්තල ප්‍රද්‍ෙශයේ  හණ මිටි අදහස් ඇති ප්‍රවේණිකාරයන් අතලොස්සක්ද සිටී. එහෙත් අද වත්තල වැඩි වශයනේ වාසය කරන්නේ පිට ප්‍රදේශවලින් පැමිණි ජනතාවයි. ඔබ මෙම ප්‍රෙද්ශයට පැමිණි දින සිට වත්තල ඔබේය. 

           ඔබ පිට මිනිසුන් ලෙස කිසිවෙකුටවත් සැළකිය නොහැක. ඒ ඔබ අපේ රටේ පුරවැසියන් බැවිනි. වත්තල ඔබේ නොවේය කියා අප හා එක් වීමට පසු බට නොවන්න. ඇත්තටම වත්තල ශ්‍රී ලාංකිකයන්ගේ සම්පතකි.

                    මෙම සටහනේ තවත් පරමාර්ථයක් වන්නේ දින දින වත්තල සිදුවන දේ වාර්තා කිරීමත්, වත්තලට විය යුතු දේ ගැන අදාල බලධාරින්ගේ නෙත් විවර කිරීමත්ම. 

වත්තල ගැන ලියා ඇති සියළුම පොත් සටහන් මුද්‍රිත ලිපි ආදිය හැකි තරම් එකතු කර ඒවාට පිවිසිය හැකි මාර්ග විවෘත කර දීමද තව්ත් අරමුණකි.

          අදට බ්ලෝක් සටහන නිමයි. වත්තල ගැන එකතු කරගත් දේ සමගින් නැවත හමුවෙමු. ආයු බෝ වේවා!

        

No comments:

Post a Comment