කොවිඩි රකුසා විසින් වත්තල බිලි ගත්ත. බිලි
ගත්ත නොවෙයි බිලි දුන්න කිව්වොත් තමයි වඩාත් නිවැරදි.ලෝකෙමෙ තියෙන වසංගතයෙ, රටේම තිබුණ වසංගතයෙ අදුරු සෙවනැලි සුන්දර
වත්තල වෙතට එබිකම් කරද්දි වත්තල බොහෝ අය ජීවත් වුණේ කොවිඩ් වලට හායි කියමින්.රටේ
සිදුවන දේවල් ගැන බොහෝ අයට වගේ වගක් තිබුණෙ නැහැ.ඒක නිසා වත්තල අපි මුලින්ම ඇදිරි
නීතියට අහුවුණා. ඊට පස්සේ හුදකලාවට අහුවුණා.දැන් මෙහෙම හුදකලා වෙලා ටික දවසක්. ඒක
ඉතින් කියන්ඩ දෙයක්ද? රටේ හැමෝම දන්නව
වත්තල හුදකලා කියල.දැන් කොවිඩ් රෝගින්ගේ ප්‍රමාණය බිංදු හතරක අගයක් වෙන්ඩත් ලගයි.
ඒත් එක සිතින් පතන්නේ එසේ නොවේවා යන්නයි. කවුරුත් දන්නව මේ වගේ වෙලාවට පත්වුණහම
මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියල. කරුමෙට පළාත් සභා ඡන්දෙවත් ප්‍රකාශයට පත් කරල
තිබුණනම් අපිටත් ටිකක් ගොඩ යන්ඩ තිබුණ.
අද කථාව වත්තලට කොවිඩ් ආව විධියවත්, ඒකට
වගකිව යුතු උන්ට, දරදිය ඇද්ද උන්ට බනින එකවත් නොවෙයි.මේ වෙලාවෙ මින්ස්සුන්ගෙ පිහිටට
ඉදිරිපත් වෙච්චි මිනිස්සු ගැන කියන එකයි.නිරෝධානයනට පත් වෙචිචි මිනිස්සු හිටපු
ගෙවල් වලට පුළු පුළුවන් විධියට අසල් වාසින් උදව් කළා.ඒ ගෙවල්වල සුරතල් සත්තුන්ට
පවා මොනව හරි දුන්න.
මේ අය ඇරිච්චම වත්තල ඉන්න සුවිශේෂ මිනිස්සු ටිකක් කරපු සත්කාර්යයන් ගැන පින්තූර ටිකක් මටත් එවල තිබුණ. මේ වෙලාවෙ ඒක විශිෂ්ඨ කාර්යයක්. පින් කියල ජාතියක් ලෝකෙ තියනවනම් පිංසිද්ධ වෙන්ඩම ඕනැ. එහෙම නැත්තම් ධර්මයේ කියන විධියට ආයු, බල, සැප,වර්ණ, ප්රඤ්ඥා ලැබෙන්න ඕනැ. ඒ මුකුත් නැත්නම් අපේ අවංක ස්තුතියවත් පල කරන්ඩ ඕනැ.අපේ ග්‍රාම නිලධාරි මහත්තුරු ආපදාවට පත් මිනිස්සු සුවපත් කරන්ඩ තම රාජකාරියට අමතරව විශාල සේවයක් කළා.ඒ වගේම ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස් මැති තුමාත් ආපදාවට පත් නිවාස වලට තමන්ගේ සහ තම හිතවතුන්ගේ උපකාරයෙන් ආහාර ද්‍රව්‍ය ලබාදෙමින් විශිෂ්ඨ සේවයක් කළ බවට ආරංචි වුණා.
ඒ වගේම කෙරවලපිටිය පොකුණ හන්දියේ පොකුණ ජනතා එකතුවට සම්බන්ධ ෂර්වින් පෙරේරා මහත්තය ඇතුළු කණ්ඩායමත් තමන්ගේ සහ තම හිතවතුන්ගේ උපකාරයෙන් ආහාර ඇතුළත් මළු ආපදාවන්ට පත් ගම්වාසින්ට බෙදැ දීල තිබුණ. මෙම සත්කාර්යයට දායක වූවන් අතර අනුර සේනානායක් මහතා,ජස්ටින් ලාසරස් මහතා,සංජීව අබේසිංහ මහතා,චන්දන මහතා සහ ප්රෑන්ක් මහතා ප්රමුඛ ස්ථානයක් ගත් බව ෂර්වින් මහත්තය විසින් නිකුත් කළ වට්ස්ඇප් පණිවිඩයක තියනව දැක්ක. ඒක නිසා ඒ අය ගැනත් සදහන් කරන්ඩ ඕනැ. කවදත් යමක් වෙච්චහම මනුෂ්‍යකම පෙරදැරිව ඉදිරිපත් වෙන පත්මකුමාර පතිරත්න, ශ්‍යාමලි අල්විස්, රෝහිත අල්විස්, රමණි ප්‍රනාන්දු (රමණි අක්කා) අමතක කළොත් හරි නැහැ.
එදිනෙදා රැකියාවක් කරල කීයක් හරි හම්බ කරගෙන ජීවිතේ ගැටගහගෙන යන මිනිස්සු වත්තල ඕනැ තරම් ඉන්නව. මේ වගේ ඇති හැකි අය එකතු වෙලා ඒ අය වෙනුවෙන් යමක් කරන එක නැවත නැවතත් අගය කරන්ඩ ඕනෑ. මේ වෙලාවෙ මේව කරන්නෙ කුමන අරමුණකින්ද කියන එක නොවෙයි වැදගත් වෙන්නෙ. මේ සත්කාර්යයන්ගෙන් සිද්ධ වෙන යහපතයි වැදගත්
ඉතා වැදගත්
මෙම සටහන වත්තල කෙරවලපිටිය පැත්ත ගැන පමණයි. වත්තල කියන්නෙ ඉතා විශාල ප්‍රෙද්ශයක්. මෙම සටහන කියවන අයගෙන් ඉල්ලා සිටින්නෙ ඔබේ පැත්තෙත් මෙහෙම දේවල් වුණානම් අපිට දන්වන ලෙසයි.
වත්තල අපි වෙනුවෙන් වෙහෙසෙන සියළු රාජ්‍ය නිලධාරින්ට අපේ ස්තුතිය
BG - ලොව සියළු සත්වයින් සුවපත් වේවා! සැමට ජය..
No comments:
Post a Comment